14 December 2025

logo

කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්



කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වර්ෂා තත්ත්වය සහ ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන බවයි සඳහන් වන්නේ. 



(colombotimes.lk)