ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් නතර කරන ස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ඉරාක ආරක්ෂක අංශ පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර තානාපති කාර්යාලය ද මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
මේ අතර ගුවනේදී විනාශ කළ කොටස් වැටීමෙන් ඩුබායි හී නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට ද හානි සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් කිසිදු ගිනි ගැනීමක් හෝ තුවාලකරුවන් පිළිබඳව වාර්තා නොවන බවයි.
(colombotimes.lk)
