මේ වන විට මැදපෙරදිග කලාපයේ උද්ගත වී තිබෙන යුධමය තත්ත්වයත් සමඟ පෙබරවාරි 28වනදා සිට මේ දක්වා දරුවන් 1,100කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.
එම සංවිධානය සඳහන් කළේ මිය ගිය දරුවන් 200ක් ඉරානයෙන් ද, 91ක් ලෙබනනයෙන්ද, 4ක් ඊශ්‍රායලයෙන්ද එක් පුද්ගලයෙක් කුවේට් රාජ්‍යයෙන් ද වාර්තා වී ඇති බවයි.
මෙම තත්ත්වය පවතින ප්‍රචණ්ඩත්වය හමුවේ තවදුරටත් ඉහළ යා හැකි බව යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
