මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අද (20) ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදාහැරීමට පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එම්. එම්. අයි. වාසල මහත්මිය නියෝග කර තිබෙනවා.
ඒ අනුව කමල් අමරසිංහ රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
