' වෙනසක් හදන වසරක් - 2024' යන තේමා පාඨය මූලික කරගනිමින් සමගි ජන බලවේගය ඊයේ (30) පැවැත් වූ විරෝධතාව, පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසිරුවා හරිනු ලැබුවා.
එහිදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේඛම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, එස්. එම්. මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි, හිටපු මන්ත්‍රීවරුන් වන සුජීව සේමසිංහ සහ මුජිබර් රහුමාන් යන අය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක් වී සිටියා.
මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව, ඇති වූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි.
