02 December 2024


මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයේ දිවුරුම් දෙයි



නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අද (02) පෙරවරුවේ දිවුරුම්දී තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයේත් 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයේත් 2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙසත් කටයුතු කර තිබෙනවා.

මුර්දු ප්‍රනාන්දු මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනවා.

(colombotimes.lk)