02 December 2024


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි



අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති අතර උද්ඝෝෂකයන් 04ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය අද (02) දහවල් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබුණා.

(colombotimes.lk)