02 December 2024


අධ්‍යාපන අමාත්‍යාංශය අවට දැඩි රථ වාහන තදබදයක්



බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඒ ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

පාසල්වල ඉගැන්වීම් කටයුතු කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.

(colombotimes.lk)