කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ 1007 මගී ප්රවාහන දුම්රිය මීට සුළු මොහොතකට පෙර පීලි පැනීමකට ලක් වී තිබෙනවා.
ඒ නාවලපිටිය ඉගුරුඔය සහගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රොස් දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.
නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවයි.
පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කරන තෙක් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
(colombotimes.lk)