01 July 2025

logo

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එස්. එම් නලීම් දිවුරුම් දෙයි



මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කළ එස්. එම් නලීම් අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා.

ඒ කථානායක අශෝක රංවල ඉදිරියේදීයි.

පසුගිය මහ මැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධූරය සඳහා එස්. එම් නලීම්ව නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඔහු මීට පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)