17 December 2025

logo

ග්‍රාහකයක් හේතුවෙන් අභ්‍යවකාශයේ විශේෂ වෙනසක් සිදුවෙයි



එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

ඒ, 2022 දී ග්‍රහකයක් එහි මාර්ගයෙන් ඉවතට ඇද දැමීමට ගත් උත්සාහයෙන් පසුව අභ්‍යවකාශයේ වෙනසක් සිදුව ඇති බවයි. 
 
එහිදී චන්ද්‍රිකාවක් එහි ගමන් මග සාර්ථකව වෙනස් කරමින් ග්‍රහකයේ ගැටී තිබුණා. 
 
මෙම බලපෑමෙන් පසු ග්‍රහකයේ මීටර් 50 (අඩි 160) පමණ පළල ආවාටයක් ඉතිරි වූ බව විද්‍යාඥයින් පවසනවා. 
 
එමෙන්ම මේ හේතුවෙන් පාෂාණ කැබලි විශාල සංඛ්‍යාවක් අභ්‍යවකාශයේ සැරිසරන බවයි ඔවුන් සඳහන් කළේ. 
 
මේ සම්බන්ධයෙන් නිවේදනයක් සිදුකරමින් නාසා ආයතනය පැවසුවේ, සිය දුරේක්ෂ මගින් මෙම සිදුවීම හා සම්බන්ධ ඡායාරූප ග්‍රහණය කරගත් බවයි. 
 
එම දත්ත වලට අනුව විශාල ගල් ප්‍රමාණයක් එකට පාවෙමින් ඇති බව නිරීක්ෂණය වන බවද ඔවුන් සඳහන් කළා.
(colombotimes.lk)