colombotimes.lk
සිංහල | English

01 September 2024

උප්පැන්න සහතිකයක් නොමැති අයටත් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට අවස්ථාවක්



උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. 

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසුවා. 
 
ග්‍රාම නිලධාරී වසමක ස්ථිර පදිංචිය ඇති, ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති, වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනවා.
(colombotimes.lk)