මහජන බැංකුව විසින් මෑතකදී අලුත්වැඩියා කළ හසලක ශාඛාව පසුගියදා විවෘත කර තිබෙනවා.
එම ශාඛාව ඉදි කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ හසලක ජනතාව හට හොඳ බැංකුකරණ අත්දැකීමක් ලබාදීමයි.
අලුතින් ඉදිකරන ලද එම ශාඛාවේ මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් (CRM) ද පවතින අතර ගනුදෙනුකරුවන්ට මුදල්, තැන්පතු අරමුදල් ගැනීමට සහ බිල්පත් පහසුවෙන් ඉවත් කර ගැනීමටද හැකියාව පවතිනවා.
එම උත්සව අවස්ථාවට හසලක ප්‍රාදේශීය ලේකම් ඒ. තිලකරත්න, මහනුවර ප්‍රාදේශීය කළමනාකරු නලින් පොත්තේවෙල, සහකාර ප්‍රාදේශීය කළමනාකරු ප්‍රියංකර කුලතුංග, හසලක ශාඛා කළමනාකරු අංජන කුලසේකර, මහනුවර ප්‍රාදේශීය ව්‍යාපාර නිලධාරී ක්‍රිෂාන්ත කුලසිංහ සහ ව්ශ්‍රමික කළමනාකරුවන් සහ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)