රාජ්‍ය අංශයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ සඳහා අග්‍රාමාත්‍ය ලේකම් යටතේ පත් කරන ලද නිලධාරී කමිටුව එහි දෙවන වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අමාත්‍යාංශ 11ක් සහ පළාත් සභා 05ක් යටතේ ඇති ආයතනවල පවතින පුරප්පාඩු 4,987කින් පුද්ගලයන් 2,003දෙනෙක් බඳවා ගැනීමට නිර්දේශ කර තිබෙනවා.
(colombotimes.lk)