19 October 2025

logo

අස්වැසුම සමීක්ෂණයෙන් සමෘද්ධි ලාභීන්ට ලොකු අසාධාරණයක් වෙලා - නාමල් රාජපක්ෂ



අස්වැසුම සමීක්ෂණයෙන් සමෘද්ධිලාභීන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින්ට මෙමගින් සමෘද්ධිය නොලැබී ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 
 
එමෙන්ම සමෘද්ධිය අවශ්‍ය නැති පුද්ගලයින්ට සමෘද්ධිය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 
 
සමීක්ෂණයක් සිදු කරනවා නම් වහාම නිසි පරිදි එය සිදුකරන ලෙසටත්, වැරදි නිවැරැදි කරන ලෙසටත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා. 
 
සමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් තමන් පෙනී සිටින බවද නාමල් රාජපක්ෂ මෙහිදී පවසා සිටියා. 
 
එමෙන්ම අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 
 
රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළා. 
 
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙය කිසිදු දේශපාලන කෝණයකින් නොබැලිය යුතු බවයි. 
 
මනුෂ්‍යත්වයෙන් මේ පිළිබඳව සොයා බලා සමෘද්ධිය ලැබියයුත්තන්ට ප්‍රතිලාභ අත්කරදීමට කටයුතු කර්න ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් නාමල් රජපක්ෂ සඳහන් කළා.
(colombotimes.lk)