26 February 2025


නාමල් රාජපක්ෂ CIDයට පැමිණෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදු කරන ලද එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ දිනවල නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමාව කැඳවන බවත් එය කිසිදු ගැටලුවක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)