colombotimes.lk
සිංහල | English

01 May 2024

ප්‍රගතශීලී පොදු ජනතාවගෙන්, නාමල් ඉල්ලීමක් කරයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදීයි. 
 
පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනඟා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කිරීමට එක්වන ලෙසයි ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේ. 
 
පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)