16 March 2025


ජාතික සත්ත්ව සංගණනය අද



කෘෂිකාර්මික බෝගවලට හානි සිදු කරන වන ජීවීන් පිළිබඳ ජාතික සංගණනය අද (15) පැවැත්වෙනවා.

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජී. ජී. වී. ශ්‍යාමලී සඳහන් කළේ උදෑසන 8.00 සිට 8.05 දක්වා කාලය තුළ මෙම සංගණනය සිදු කරන බවයි.

සියලුම ගොවි බිම්වල රැඳී සිටිමින් මේ සංගණනය සඳහා සහාය දක්වන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ යම් ප්‍රදේශයක වගා හානි සිදු කරන සතුන් නොමැති නම් ලබාදී ඇති පත්‍රිකාවේ ඒ බව සඳහන් කරන ලෙසයි.

(colombotimes.lk)