13 November 2025

logo

විදේශ කටයුතු අමාත්‍යංශය වගකීම් ඉටු නොකළ බවට චෝදනා



විදේශ රැකියාවල යෙදී සිටියදී මිය ගිය සහ අනතුරුවලට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය අනාවරණයක් සිදුකර තිබෙනවා. 

ඒ, වන්දි ලබා ගැනීමේදී සහ යුක්තිය ඉටු කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යංශය ඊට අදාළ වගකීම් නිසි පරිදි ඉටු කර නොමැති බව පවසමින්. 
 
විදේශ කටයුතු අමාත්‍යාංශය එහිදී ඉතා නොසැලකිලිමත්ව සහ මන්දගාමිව කටයුතු කර තිබීම සිය නිරීක්ෂණ මගින් හෙළිව ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා. 
 
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව පවසා තිබුණා.
(colombotimes.lk)