01 July 2025

logo

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ණය යෝජනා ක්‍රමයක්



වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා. 
 
මෙමඟින් ඔවුන්ට 7%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුයි. 
 
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළා. 
 
මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු‍ ණය ඉල්ලු‍ම්කරුවන් සතුව පැවතිය යුතු බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)