01 July 2025

logo

පරාටේ නීතිය සඳහා ලබාදුන් සහන කාලය අදින් අවසන්



රුපියල් මිලියන 50 ඉක්ම වූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබුණු සහන කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2015 මාර්තු 31වනදාට පෙර බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි. 

එමෙන්ම රුපියල් මිලියන 25 - 50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය ලබන සැප්තැම්බර් 30වනදා දක්වා ක්‍රියාත්මක වනවා. 

(colombotimes.lk)