30 June 2025

logo

Fishifox අභිමානවත් 15වන සංවත්සරය සමරයි



Colombo Times අප වෙබ් අඩවියේ නිල තාක්ෂණික සහකරු ලෙස වසර 7ක් පුරා අඛණ්ඩව සේවය සපයන Fishifox පුද්ගලික සමාගම අද (30) සිය 15වන අභිමානවත් සංවත්සරය සමරනු ලබනවා. 

ඒ වෙනුවෙන් Colombo Times අප කණ්ඩායමේද සුභාශිංසන මෙලෙස Fioshifox කණ්ඩායම වෙත පිරිනමන්නෙමු.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සේවා සැපයුම්කරුවෙක් වන Fishifox ආරම්භ කෙරුණේ 2010 වසරේදීයි. 

එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලංකාවේ ආයතන සහ සන්නාම සඳහා වෙබ් අඩවි නිර්මාණය, මෘදුකාංග නිර්මාණය, මොබයිල් යෙදවුම් නිර්මාණය ආදී සේවා Fishifox වෙතින් සිදු කෙරුණා. 

2018 වසරේදී Colombo Times වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ ගත වූ වසර 7 තුළ අප වෙබ් අඩවියේ සියලු තාක්ෂණික කරුණු වෙනුවෙන් පෙනී සිටින්නේ Fishifox ආයතනයයි.

අද Fishifox අභිමානවත් 15වන සංවත්සර සැමරුම CT One ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. 

Fishifox නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂක තුෂාර සේනාරත්න, CT One සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී සජීව ද සිල්වා, Fishifox ආයතනයේ සේවාලාභින් සහ CT One සමූහයේ ආයතනවල කාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී වුණා. 

එහි විශේෂ අවස්ථා පහතින්,




 





































(colombotimes.lk)