කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනින මතුපිට උද්ධමනය 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.3% ක් දක්වා අඩු වී ඇති අතර 2025 මැයි මාසයේ දී එය වාර්තා වුණේ 5.2%ක් ලෙසයි.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී -2.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 මැයි මාසයේ දී -3.3%ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)