29 April 2025


නෝටිකා නෞකාව කොළඹට



අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන නෝටිකා නෞකාව අද (28) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නෝටිකා කෞකාවේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මගීන් ගමන් කරන බවයි වාර්තා වන්නේ.

එහි සංචාරකයන් 614දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 397ක් සිටිනවා.

මෙම නෞකාව හෙට (29) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

(colombotimes.lk)