නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ රුපියල් ලක්ෂ ගණනක් වටිනා වියළි කහ කිලෝග්‍රෑම් 496ක්, විදේශීය දුම්වැටි පැකට් 6,000ක් සහ රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් 1,958ක්, කෘමිනාශක දියර සහිත බෝතල් 1,146ක් සහ තවත් කෘමිනාශක පැකට් 15,180ක් කල්පිටිය තලවිල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ වයඹ නාවික විධානයට අයත් 'ශ්‍රී ලංකා නාවික නෞකා විජය' ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කල්පිටිය තලවිල වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කරනු ලැබූ මුර සංචාරයකදීයි.
නාවික හමුදාව සඳහන් කළේ මුහුදු මාර්ග ඔස්සේ සිදුවන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීමට දිවයින වටා ඇති මුහුදු තීරය ආවරණය වෙන පරිදි අඛණ්ඩව මුර සංචාරය සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)
