20 May 2026

logo

කල්පිටිය ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට



නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1,302ක තොගයක් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ ළඳු කැලෑවක තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයේ 'ශ්‍රී ලංකා නාවික නෞකා විජය' ආයතනය මඟින් ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

නාවික හමුදාව සඳහන් කළේ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති බවට සැක කෙරෙන මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් පසුව බෙදාහැරීමේ අරමුණින් සඟවා තබන්නට ඇති බවයි.

එමෙන්ම මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)