19 February 2026

logo

මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්



අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරායව ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ. ජී. ගුණදාස වෙත අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.      

මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදු වූ ආරවුලකට අදාළව රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල ගිණුමට බැර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

(colombotimes.lk)