ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය සඳහා අසංග සෙනවිරත්න පත් කර තිබෙනවා.
ඒ අද (25) පැවති එම කමිටුවේ නිලවරණයේදීයි.
මෙවර සභාපති ධූරය සඳහා අපේක්ෂකයන් 5දෙනෙක් නාම යෝජනා ලබාදී තිබෙනවා.
එලෙස පැවති නිලවරණයෙන් ඡන්ද 16ක් ලබා ගනිමින් අසංග සෙනවිරත්න ඉදිරි වසර 04 සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
