ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ 49වන නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති ලේඛම් කාර්යාලයේදීයි.
අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධූරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.
1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වී තිබෙනවා.
එමෙන්ම 2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධූරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් වුණු බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)