ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී විමල් එස්. කේ. ලියනගම රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැමිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඔහු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන බවයි වාර්තා වන්නේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබෙනවා.
ඒ අනුව පුරප්පාඩු වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි විමල් එස්. කේ. ලියනගම පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
