01 July 2025

logo

නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට



2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්.

මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද (05) සහ හෙට (06) යන දිනයන්වල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

මෙමඟින් සිදු වන්නේ ලබන වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් වෙන් කිරීමයි.

ජනාධිපතිවරයා විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය නොවැම්බර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවුණා.

(colombotimes.lk)