30 January 2026

logo

නවක මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුව හෙට ඇරඹෙයි



නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සඳහන් කළේ උදෑසන 9. 30 සිට පස්වරු 4. 30 දක්වා එය පැවැත්වෙන බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ කාර්යභාරය, පාර්ලිමේන්තු ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදු වනවා.

(colombotimes.lk)