23 October 2025

logo

57 වන අලුත් සහල් මංගල්‍යය ලබන 6 වනදා පැවැත්වෙයි



වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් 57 වන වරටත් ලබන මස 6 වන දින පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබෙනවා.

2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීමට නියමිතයි.

මෙහි අරමුණ වන්නේ උදා වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සදහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමයි.

(colombotimes.lk)