නිව් යෝර්ක් නගරය එහි ගොඩනැගිලිවල අසාමාන්‍ය බර නිසා අර්ධ වශයෙන් ගිලෙමින් පවතින බව පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව සෑම වසරකම මිලිමීටර් 1-2 අතර ප්‍රමාණයකින් නගරය ගිලා බසින බව සඳහන්.
මීට අමතරව නිව් යෝර්ක් නගරයේ ගංවතුර අවදානමද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම සාමාන්‍ය ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ වේගයට වඩා දෙගුණයක වේගයකින් නිව්යෝර්ක් ආසන්නයේ මුහුදු මට්ටම ඉහළ යමින් පවතින බවද එම පරීක්ෂණයෙන් හෙළිව තිබෙනවා.
ඒ අනුව පරීක්ෂකයින් පවසන්නේ, 2050 වන විට අඟල් 8-30 ත් අතර ප්‍රමාණයකින් ජල මට්ටම ඉහළ යනු ඇති බවයි.
(colombotimes.lk)