24 February 2025


කර්මාන්ත ආශ්‍රිත ගැටලු විසඳීමට නව ඩිජිටල් පහසුකමක්



කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේදී නව ඩිජිටල් පහසුකමක් ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙන බවයි.

(colombotimes.lk)