24 February 2025


අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වැඩ වරදියි



පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ මාලඹේ පොලිස් වසමේ හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේදීයි.  

මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුර මෝටර් රථය නැවැත්වීමට සංඥා කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එහිදී අදාළ මෝටර් රථය එක්වරම පිටුපසට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙක් විසින් මෝටර් රථයේ රෝදයකට වෙඩි තබා තිබෙන බවයි.

එහිදී මෝටර් රථය විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර අනතුරව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී රියදුරු අසුන යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 800ක්ද සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)