24 February 2025


ලක්ෂපාන වතුයාය ආසන්නයේ පිහිටි රක්ෂිතයක් ගිනි ගනියි



ලක්ෂපාන වතුයාය ආසන්නයේ පිහිටි රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

නල්ලතන්නිය පොලීසියට ලද තොරතුරකට අනුව එහි විමර්ශන සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

නල්ලතන්නිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ලක්ෂපාන වතු යායේ පදිංචිකරුවන් එක්ව ගින්න වතුයාය දෙසට පැතිරීම වළක්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)