20 February 2026

logo

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් දිවුරුම් දෙයි



ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් අද (17) පෙරවරුවේ දිව්රුම්දී තිබෙනවා.

ඒ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ඉදිරියෙදීයි.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ෆයිසර් මුස්තාපා පළමුව මන්ත්‍රී ධූරයේ දිව්රුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මොහොමඩ් ඉස්මයිල් දිවුරුම්දී තිබෙනවා.

(colombotimes.lk)