15 July 2025

logo

Next Sri lanka වැඩසටහනට දිවයිනේ තරුණ තරුණියන්ගේ විශාල උනන්දුවක්



ජාත්‍යන්තර තරුණ නිපුණතා දිනය අදට (15) යෙදී තිබෙනවා.

මෙම දිනයට සමගාමීව දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහනක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක් පිරිනැමීමට අදාළ නිපුණතාව පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද (15) පවත්වා තිබෙනවා.

ඒ  දිවයිනේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලදීයි. 

අද උදෑසන වන විට www.nextsrilanka.lk වෙබ් අඩවිය ඔස්සේ තරුණ තරුණියන් 15000කට වඩා වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

මෙම සම්මුඛ පරීක්ෂණ ජුනි මස 23වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ සියළුම ප්‍රදේශවල තරුණ තරුණියන් විශාල උනන්දුවකින් මේ සඳහා සහභාගී වී තිබෙන බව නිලධාරීන් සඳහන් කළා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙය වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික  පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරන ආයතනය යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වනවා. 

(colombotimes.lk)