18 October 2025

logo

නිල්වලා ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක්



පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

අද (14) උදෑසන සිට මේ දක්වා කාලය තුළ නිල්වලා ගංගා ද්‍රොණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ හේතුවෙන් ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස එම පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)