09 January 2026

logo

වත්තල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙක් අත්අඩංගුවට



වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්. 

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

පැමිණිලිකරු විසින් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කරදීමට අවශ්‍ය කටයුතු සිදුකර දීමට අල්ලස් ලෙස රුපියල් 50,000ක මුදලක් මෙලෙස ඉල්ලා ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

(colombotimes.lk)