නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සූදානම් වූ සී ප්ලේන් යානයක් අනතුරට ලක්වීම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉංජිනේරු හා තාක්ෂණික ඇතුළු අංශ කිහිපයක නිළධාරීන් ද එම කමිටුවට ඇතුළත් වනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ එම යානය ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි.
ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලීසියේ සහය ඇතිව එම කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.
(colombotimes.lk)
