පීඩන අවපාතය හෙට (09) පස්වරුවේදී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, අතුල කරුණානායක ප්‍රකාශ කළා.
ඒ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
එමෙන්ම එම පීඩන අවපාතය මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දිශාවෙන් කිලෝ මීටර 350ක් පමණ ඈතින් ස්ථානගත වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම ධීවර හා නාවික ප්‍රජාවට එම කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ. 




