නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයක් සඳහා රවී කරුණානායක නම් කර තිබෙනවා.
පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි.
ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්රී ආසන 02ක් හිමි වුණා.
ඊට අමතරව එම පක්ෂයෙන් අනුරාධ ජයරත්න, රෝහිත අබේගුණවර්ධන සහ චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු වරම් හිමිකර ගනු ලැබුවා.
(colombotimes.lk)