01 February 2025


උතුරු කොරියානු හමුදාව කාලතුවක්කු අභ්‍යාසයක



උතුරු කොරියානු හමුදාව විසින් කාලතුවක්කු අභ්‍යාසයක යෙදී තිබෙනවා.

එය නිරීක්ෂණය කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එක් වූ බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ.

බහුවිධ රොකට් විදින ෂෙල් වෙඩි සහ ස්වයංක්‍රීය කාලතුවක්කු උණ්ඩ කහ මුහුද දෙසට එල්ල කරමින් මෙම අභ්‍යාසය සිදු කර  තිබෙනවා.

උතුරු කොරියානු නායකයා සිය හමුදාවට දන්වා තිබුණේ, යුද තත්වයකදී ප්‍රහාරත්මක වේගය ඉහළ නංවා ගැනීම සඳහා සූදානම් වන ලෙසයි.

(colombotimes.lk)