2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 26වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදු කළ බවයි වාර්තා වන්නේ.
සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
(colombotimes.lk)