19 April 2025


සිරි දළදා වන්දනාවට VIP පෝලිම් ගැන දැනුම්දීමක්



'සිරි දළදා වන්දනාව' සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිතවූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ප්‍රකාශ කළා.

ඒ 'සිරි දළදා වන්දනාව' බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථ වාහන හැසිරවීම සම්බන්ධයෙන් අද (17) පැවති පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළුවීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බවත් ඔවුන්වද විශේෂ ආරක්ෂාවකට ලක් කරන බවත් මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එහිදී කියා සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදෙස් තානාපතිවරුද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කර ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.

 
(colombotimes.lk)