21 January 2026

logo

පාස්කු උත්සවයට විශේෂ ආරක්ෂාවක්



පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් හෙට (18) සහ ලබන 22වනදා පැවැත්වීමට නියමිතයි.

එම දිනයන්වල බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා,

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)