19 February 2026

logo

රන් මිලෙහි පෙරළියක්



චීන - ඇමරිකා වෙළඳ යුද්ධයත් සමඟ මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (16) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 998,722.ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය පසුගිය 11වනදා සටහන් වුණේ රුපියල් 977,664ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 258,400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,300ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,230ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)