14 March 2025


GIT විභාගය ගැන දැනුම්දීමක්



සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23වනදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම විභාගය එදින පෙ.ව 9.00 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,683කදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

විභාග සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වන විටත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)